බ්‍රිතාන්‍ය ඖෂධ නිෂ්පාදක ඇස්ට්‍රාසෙනෙකා කියා සිටියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සමඟ නිපදවන ලද එන්නත, දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට අනාවරණය කරගත් කොරෝනා වෛරස ප්‍රභේදය නිසා ඇති වූ මෘදු රෝගවලට එරෙහිව සීමිත ආරක්ෂාවක් පමණක් ලබාදෙන බවයි.
ඒ අනුව නව වෛරස ප්රභේදයන්ටද ඵලදායී ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි නව සංස්කරණයක් සඳහා විද්‍යාඥයන් කටයුතු කරමින් සිටින බවත්, එය සරත් සෘතුවේදී පමණ ලබාගත හැකි බවත් සමාගම පවසයි.
"නව එන්නත සරත් සෘතුවේදී පමණ ලබා ගත හැකි බව පෙනෙනවා. අප දැනටමත් ඔක්ස්ෆර්ඩ් හි නිෂ්පාදන ක්‍රියාවලියේ පළමු කොටසේ වැඩ කරමින් සිටිනවා. ඉදිරියේදී නිෂ්පාදන සැපයුම් දාමයේ අනෙකුත් සාමාජිකයන්ටත් මේ කොටස ලබාදිය හැකියි. කෙසේ හෝ සරත් සෘතුවේදී නව සංස්කරණය ලබාගැනීමට පුළුවන් වේවි." ඔක්ස්ෆර්ඩ් සරසවියේ එන්නත් විද්‍යාව පිළිබඳ මහාචාර්ය සාරා ගිල්බට් පැවසීය.