එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසන්නේ තමන් කොවිඩ්-19 මර්දන එන්නත ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගන්නා බවයි.
එන්නත ලබාගත් අය අතර රුධිර කැටිගැසීමේ සංකූලතා පිළිබඳ හුදකලා සිදුවීම් කිහිපයක් අරභයා මේ වනවිට යුරෝපයේ රාජ්‍යයන් රැසක් එන්නත ලබාදීම අත්හිටුවා තිබේ.
නමුත් එක්සත් රාජධානිය එන්නත ලබාදීම දිගටම සිදුකරගෙන ගිය අතර, ඇතැම් රටවල් මෙසේ එන්නත අත්හිටුවීම නිසා යුරෝපය තුළ යළිත් කොවිඩ්-19 හිස එසවීමේ අවදානමක් පිළිබඳවද අනතුරු ඇඟවී තිබේ.
එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයද එන්නතෙහි ප්‍රතිලාභය ඉහළ බව පවසමින්, එය තවදුරටත් ලබාදෙන ලෙසද රටවලින් ඉල්ලීමක් කර ඇත.