කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝට ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ඊයේ (23දා) ලබාගෙන තිබුණේ රටේ ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යන මට්ටමකය.
අගමැති ටෘඩෝ සිය බිරිඳ සොෆී සමග එරට ප්‍රාදේශීය ඖෂධාලයකට ගොස් එන්නත විදගෙන තිබුණු අතර, එන්නත ලබාගැනීමෙන් පසුව ටෘඩෝ කියා සිටියේ තමා මෙම තීරණය පිළිබඳ අතිශයින් සතුටට පත්වන බවය.
එන්නත විදීමෙන් පසුව ටෘඩෝට දන්වා ඇත්තේ ඔහුගේ දෙවැනි මාත්‍රාව තවමත් සැලසුම් කර නොමැති බවත්, පසුවිපරම් කිරීමක් සැලසුම් කිරීම සඳහා ඔහුට ඊමේල් පණිවුඩයක් ලැබෙනු ඇති බවත්ය.
කැනඩාවේ එන්නත් සැපයුම් බොහෝ ගැටලුවලින් පීඩා විඳි අතර බොහෝ දෙවැනි මාත්‍රාවන් මාස හතරක් දක්වා ප්‍රමාද වී තිබේ.
මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම, යුරෝපා ඖෂධ නියාමන ආයතනය විසින්ද ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි රුධිර කැටිගැසීමේ දුර්ලභ අවස්ථාවන්හි අවදානම ඉන් ලැබෙන ප්රතිලාභ අවදානම ඉක්මවා යන බව අවධාරණය කර තිබේ. මේ තත්ත්වය තුළ රටවල් රැසක එම එන්නත යළි ක්‍රියාත්මක වෙමින් පවතී.
එමෙන්ම රුධිර කැටිගැසීමේ සිද්ධීන් නිසා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත වෙත ඇමෙරිකාව තිබූ තහනම ඉවත් කරමින්, එය නැවත නිර්දේශ කිරීමට එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ එන්නත් උපදේශකයෙන් ඊයේ අනුමැතිය ලබාදී තිබේ.
මීට අමතරව මොඩෙර්නා හෝ ෆයිසර් විසින් සාදන ලද කොවිඩ්-19 මර්දන එන්නත් සමග කිසිදු රුධිර කැටි ගැසීමක් සම්බන්ධ වී නොමැති බව එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ විශේෂඥයන් පවසයි.