යුරෝපා සංගයේ ඖෂධ නියාමකයා වන යුරෝපීය ඖෂධ ඒජන්සිය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් සම්බන්ධයෙන් මතුවූ වූ අනාරක්ෂිත බව ඉවත් කරමින් එය ආරක්ෂිත හා ඵලදායී එන්නත් බව තහවුරු කර තිබේ.
කෙසේ වෙතත් රුධිර කැටි ගැසීම් සම්බන්ධයෙන් ඉතා දුර්ලභව සිදුව ඇති හුදකලා සිදුවීම් ප්‍රතික්ෂේප නොකරන බවද ඔවුන් සඳහන් කර ඇත.
"කමිටුව පැහැදිලි විද්‍යාත්මක නිගමනයකට එලැඹ තිබෙනවා. මෙය ආරක්ෂිත හා ඵලදායී එන්නතක්" යැයි යුරෝපීය ඖෂධ ඒජන්සියේ විධායක අධ්යක්ෂ එමර් කුක් පැවසීය. "මරණය හා රෝහල්ගත වීමේ අවදානම සමඟ කොවිඩ්-19 වලින් මිනිසුන් ආරක්ෂා කිරීමෙන් ලැබෙන ප්රතිලාභ ඒ සම්බන්ධනේ ඉස්මතු කරන අවදානම්වලට වඩා බොහෝ වැඩියි."
යුරෝපීය සෞඛ්‍ය විශේෂ විශේෂඥයන්ගේ කණ්ඩායම බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙම එන්නත රුධිර කැටි ගැසීමේ වැඩි අවදානමක් සමග සම්බන්ධතාවක් ඇති එන්නතක් නොවන බවයි.
කෙසේ වෙතත්, ඉතා දුර්ලභව හා හුදකලාව වාර්තා වී ඇති රුධිර පට්ටිකා අඩුවීම හා සම්බන්ධ ඉතා දුර්ලභ රුධිර කැටි ගැසීම් අතර සම්බන්ධය නිශ්චිතව බැහැර කළ නොහැකි බවද ඔවුන් කියයි.
දැනට වාර්තා වී ඇති මෙම සිදුවීම් ඉතා දුර්ලභ සිදුවීම් යැයි අවධාරණය කළ යුරෝපීය ඖෂධ ඒජන්සිය, එක්සත් රාජධානියේ සහ යුරෝපීය ආර්ථික කලාපයේ පරිපාලනය කරන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රාවන් මිලියන 20කින් සිද්ධීන් 30කටත් වඩා අඩු සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව කියයි.
ජර්මනිය, ප්‍රංශය සහ ඉතාලිය ඇතුළු යුරෝපීය රටවල් 19ක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත්කරණය අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම අත්හිටුවීමෙන් පසුව යුරෝපීය ඖෂධ ඒජන්සියෙහි ආරක්ෂක කමිටුව විශේෂ විමර්ශනයකින් පසුව මෙම තීරණය ගෙන තිබේ. එය එක්සත් රාජධානියට, එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට වඩා බොහෝ පසුගාමී වන යුරෝපයේ එන්නත් කිරීමේ ව්‍යාපාරයට තවත් පසුබෑමක් එල්ල කළේය. මන්දයත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත යුරෝපයේ එන්නත් සැපයුමෙන් පහෙන් එකක් පමණ වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයද සිය පර්යේෂණයේ සොයාගැනීම් මුදා හැරීමට නියමිත නමුත්, එහි යුරෝපා ප්‍රධානියා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ අතරතුර එන්නත දිගටම එන්නත භාවිත කරන ලෙසයි.