ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නතෙහි ප්රතිලාභයන්, දුර්ලභ අතුරු ආබාධ ඇතිවීමේ අවදානම ඉක්මවා යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අඛණ්ඩව විශ්වාස කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයීසස් ඊයේ (09දා) ජිනීවා නුවර පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
"අපි එන්නත් සඳහා ප්‍රවේශය පුළුල් කිරීමට කටයුතු කරන අතරම, එන්නත්වල ආරක්ෂාව පිළිබඳව අපි දිගටම විමසිල්ලෙන් සිටිනවා." ටෙඩ්රොස් පැවසීය.
සියලුම එන්නත් සහ ඖෂධවල අතුරු ආබාධ ඇතිවීමේ අවදානමක් ඇති බව ඔහු පැවසීය.
"මෙම අවස්ථාවේදී කොවිඩ්-19 හි දරුණු රෝග හා මරණ අවදානම, මෙම එන්නත හා සම්බන්ධ ඉතා කුඩා අවදානම්වලට වඩා බොහෝ ගුණයකින් වැඩියි." ටෙඩ්රෝස් පැවසීය.
මේ සතිය මුලදී යුරෝපීය හා බ්‍රිතාන්‍ය ඖෂධ නියාමකයින් විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සහ දුර්ලභ රුධිර කැටි ගැසීම් අතර සම්බන්ධයක් ඇති බව ප්‍රකාශයට පත් කළ අතර, එක්සත් රාජධානිය නිවේදනය කළේ වයස අවුරුදු 30ට අඩු අයට විකල්ප එන්නතක් ලබාදෙන බවයි. පසුව බදාදා ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, එන්නත සහ අඩු රුධිර පට්ටිකා සහිත රුධිර කැටි ගැසීම් අතර සාධාර්මික සම්බන්ධතාවයක් ඇති බව පිළිගත හැකි නමුත් එය තහවුරු කර නොමැති බවයි.
ටෙඩ්රොස් ඊයේ මෙම කරුණ නැවත අවධාරණය කළේය.
"එන්නත් ආරක්ෂාව පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය උපදේශක කමිටුවේ කොවිඩ්-19 අනුකමිටුව යුරෝපයෙන් සහ වෙනත් ප්‍රදේශවලින් ලබාගත හැකි තොරතුරු සමාලෝචනය තිබෙනවා. එන්නත සහ අඩු රුධිර පට්ටිකා සහිත රුධිර කැටි ගැසීම් අතර හේතු සම්බන්ධතාවක් ඇති බව එහිදී පවසා තිබෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් වැඩි විමර්ශනයක් අවශ්‍යයි. " ඔහු පැවසීය.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය, යුරෝපා ඖෂධ නියාමන ඒජන්සිය, බ්‍රිතාන්‍යයේ ඖෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන නියාමන ඒජන්සිය යන ආයතන තවදුරටත් අවධාරණය කර ඇත්තේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ප්රතිලාභ මෙම දුර්ලභ අතුරු ආබාධයේ අවදානම ඉක්මවා යන ලෙස දිගටම නිර්දේශ කරන බවයි.