ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් ඉදිරිපත් කොට ඇති චෝදනා 882 කින් සමන්විත සංශෝධිත අධිචෝදනා පත්‍රය බාර නොගෙන ප‍්‍රතිෙක්‍ෂප කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (20දා) තීරණය කළේය.
චෝදනා 882 කින් සමන්විතව නීතීපතිවරයා විසින් ඉදිරිපත් කළ සංශෝධිත අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් විත්තියේ නීතීඥවරුන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවයට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සංශෝධිත අධිචෝදනා පත්‍රය බාර නොගෙනම ප‍්‍රතිෙක්‍ෂප කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.
එලෙස නියම කරන ලද්දේ මහාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොළ (සභාපති) ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.
විත්තිකරුවන්ට එරෙහිව මීට පෙර අවස්ථාවක චෝදන 7573ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබුණත් එම චෝදනා වල මුලික පදනම බිඳ වැටීම නිසා ඉන් චෝදනා 7554ක්ම ඉවත දැමු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව නීතී විරෝධී අයුරින් උණ්ඩ ප්‍රවාහනයට ආධාර හා අනුබල දීම හා බොරු සාක්කි ගෙතීම යන චෝදනා 19ක් යටතේ නඩුව පවත්වාගෙන යෑමට නීතීපතිවරයාට අවසර දුන් අතර ඉන් අනතුරුව නීතීපතිවරයා විසින් විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව චෝදනා 882 කින් සමන්විත සංශෝධිත අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේය.
එම සංශෝධිත අධිචෝදනා පත්‍ර විත්තිකරුවන්ට බාරදීමට සුදානම් වු අවස්ථාවේදී විත්තියේ නීතීඥවරුන් ඊට විරෝධය පළ කිරීම නිසා දෙපාර්ශවයේ කරුණු සැළකිල්ලට ගත් විනිසුරු මඩුල්ල සංශෝධිත අධිචෝදනා පත්‍රය යටතේ නඩු විභාගය පවත්වාගෙන යන්නේද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩු විභාගය කල් තැබීය.
මෙම සිද්ධිය පදනම් කරගනිමින් මීට පෙර අවස්ථාවක නීතීපතිවරයා විසින් මුලින්ම විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කොට තිබිණි.