ඇල්ල නගරයේ සංචාරක හෝටලයක සහ කිතල් ඇල්ල හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකදී කෝවිඩ් 19 ආසාදිත වූ මනාල යුවලක් සමඟ 8 දෙනෙකු අද (28දා) හඳුනාගත් බව ඇල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්. සාගර නන්දික මහතා පවසයි .
ඇල්ල කුඹල්වෙල ,මකුල් ඇල්ල ප්‍රදේශයේ පිරිසකට කෝවිඩ් 19 ආසාදිත වී ඇති බවත් මනාල යුවලගේ පවුලේ උදවිය එම ආසාදිත පිරිස අතර සිටින බවත් හෙතෙම කීය.
බදුල්ල මහ රෝහලේ සේවය කරන මෙම මනාලියගේ විවාහ උත්සවය ඉකුත් 22 වන දින ඇල්ල කිතල් ඇල්ල ප්‍රදේශයේ හෝටලයක සහ දෙවන ගමන (හෝම් කමින් ) උත්සවය 25 වන දින ඇල්ල නගරයේ හෝටලයක පවත්වා තිබේ.
පළමු දින විවාහ උත්සවයට 150කට ආසන්න පිරිසක් මෙන්ම දෙවන දින උත්සවය සඳහා සියයකට ආසන්න පිරිසක් සහභාගි වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක සාගර නන්දික මහතා පැවසීය.
මෙම විවාහ උත්සවය සඳහා සහභාගි වූ කොළඹ කාසල් රෝහලේ හෙදියකට කෝවිඩ් 19 ආසාදිත වීමෙන් පසු මෙම විවාහ උත්සවය පැවති මනාළ යුවළ ඇතුලු පවුලේ උදවිය ඇන්ටජින් පරික්ෂණයට භාජනය කිරිමෙන් අනතුරුව මොවුන්ට කෝවිඩ් 19 ආසාදිත වී ඇති බවට අනාවරණය වූ බව ඔහු පැවැසීය.
මෙම විවාහ මංගල උත්සවය පැවති සංචාරක හෝටල් දෙකේ සේවය කරන සේවකයින් නිරෝධනයට ලක් කළ බවත් ,එම විවාහ මංගල උත්සවය සඳහා හෝටල් දෙකට පැමිණ පිරිස සොයා බලා ඔවුන්ද නිරෝධනයට ලක් කිරිමට කටයුතු සිදු කරන බවද ඇල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවැසීය.
ඇල්ල ප්‍රසාද් රුක්මාල්