අද (25දා) ඇතිවූ අයහපත් කාලගුණය හේතුවෙන් ඇල්ල පොලිස් වසමේ ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 25/1 බෝක්කුව ආසන්නයේ කන්දක් නාය ගොස් පස් හා ගල් මාර්ගයට වැටී මාර්ගයේ වාහන ගමනාගමනට බාධා ඇතිව තිබේ.
මෙම ස්ථානයේ තවදුරටත් නාය යෑමේ අවධානමක් ඇති බැවින් මාර්ගය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඇල්ල වැල්ලවාය මාර්ගය හෙට උදෑසන 6.00 තෙක් වසා දමා ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එස්.පී.නානායක්කාර