ඇල්පිටිය, ප්රාදේශීය සභාව වෙනුවෙන් තැපැල් ඡන්ද විමසීම් මේ මස 27 වැනිදා සිදුකෙරෙන බවත්, එදිනම සියලුම තැපැල් ඡන්දදායකයන් ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණ සඳහා තැපැල් ඡන්ද දැමීමට ඡන්දදායකයන් එක්දහස් එකසිය අනූදෙදෙනෙකු සුදුසුකම් ලබා තිබෙන බවද එම කොමිෂමේ අධ්යක්ෂක ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසීය.
ඡන්දදායකයන්ගේ ප්රමාණය සුළු ප්රමාණයක් නිසා එදිනට තැපැල් ඡන්දය භාවිත කළහොත් එය සියලුම දෙනාට පහසුවක් වන බවද ඒ මහතා සඳහන් කර සිටියේය.