ඇල්ජීරියානු ජනාධිපති අබ්දෙල්මඩ්ජිඩ් ටෙබූන් කොවිඩ්-19 සඳහා ප්‍රතිකාර ලබා අවසන් බව ඇල්ජීරියානු රාජ්‍ය පුවත් සේවය තහවුරු කරයි.
විශේෂිත ජර්මානු රෝහලක ටෙබ්බවුන් රැකබලා ගන්නා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ප්‍රකාශයක් අනුව, ටෙබවුන් මේ වනවිට නියමිත ප්‍රතිකාර සම්පූර්ණ කර ඇති අතර, දැනට පශ්චාත් ප්‍රතිකාර වෛද්‍ය පරීක්ෂණවලට භාජනය වෙමින් පවතින බව කියයි.
ජනාධිපති කාර්යාලය පසුගිය නොවැම්බර් 3 වැනි දින ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ 74 හැවිරිදි ජනාධිපතිවරයා ජර්මානු රෝහලේ කොවිඩ්-19 සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔහු ප්‍රතිකාරයන්ට ප්‍රතිචාර දක්වන අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් දියුණු වන බවය.