අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමාව ඊයේ (29) හදිසියේම අග්‍රාමාත්‍ය කාර්යාලයට කැඳවා ඇති බව පවසමින් නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇඹිලිපිටිය, සංඛපාල රජමහා විහාරසථානයේ පැවති උත්සවයක් අතරතුර කොළඹ බලා පිටත්විය.
ඇඹිලිපිටිය ශ්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේ රුපියල් ලක්ෂ හතළිහක් වියදම් කර අලූතින් ඉදිකළ තනිමහල් දහම් පාසල් ගොඩනැගිල්ල ඊයේ (29) දින සවස විවෘත කෙරුණේ සජිත් පේ‍්‍රමදාස මහතා අතිනි.
එදින සවස 04.00ට ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතව තිබුණි. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා උත්සවය සංවිධානය කර තිබුණේය. සජිත් පේ‍්‍රමදාස මහතා එහි පැමිණෙන විට සවස 05.00 පමණ විය.
ශ්‍රී සංඛපාල විහාරස්ථානයේ භාරකාර කොකාවල කෝසල හිමි ඇතුළු මහා සංඝරත්නය සමග ද පැමිණ සිටි සිරිපාල කිරිඇල්ල, පී.අබේනායක, බී.ආරියවංශ යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ඇතළු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇඹිලිපිටිය නගර සභාව සහ ප්‍රාදේශීය සභාවේ සභිකයන් ඇතළු පාක්ෂිකයන් සමග එක්ව ගොඩනැගිල්ල විවෘත කරනු ලැබීය.
ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය,
‘‘මට දැන් අගමැති තුමා හදිසි කැඳවීමක් කරලා තියනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයට එන්න කියලාග ඒ නිසා උත්සවයේ න්‍යාය පත්‍රය හදිසියේ වෙනස් කරලා මගේ කතාව මුලට දාගන්න සිදුවුණා. න්‍යාය පත්‍රය වෙනස් කළාට මට හැම දෙනාම සමාවෙන්න යැයි’’ පවසා විනාඩි දාහතරක කතාවක් කර නැවතත් අගමැතිවරයාගේ කැඳවීම සිහිකර කතාව අවසන් කළේය.
ඉන්පසු සවස 06.20ට පමණ සජිත් පේ‍්‍රමදාස මහතා සිය මෝටර් රථයෙන් අගමැතිවරයා හමුවීමේ අදහසින් කොළඹ බලා පිටත්ව ආවේය.