සබ්මැරීන ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇති වූ විරෝධය හේතුවෙන් එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව සඳහා වන සිය තානාපතිවරුන් ප්‍රංශය වහාම ආපසු කැඳවන බව එරට විදේශ අමාත්‍ය ජීන්-ඉවුස් ලේ ඩ්රියන් පැවසීය.
ජනාධිපති එමානුවෙල් මැක්රොන්ගේ ඉල්ලීම පරිදි ඔස්ට්‍රේලියාව සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් කරන ලද "නිවේදනවල සුවිශේෂී බැරෑරුම්කම හේතුවෙන් මෙම තීරණය යුක්ති සහගත" බව ලේ ඩ්රියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඔහු කියා සිටියේ එක්සත් ජනපද තාක්ෂණයෙන් සාදන ලද න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන වෙනුවෙන්, ප්‍රංශ සාම්ප්‍රදායික සබ්මැරීන මිලදී ගැනීම සඳහා වූ විශාල කොන්ත්‍රාත්තුවක් ඔස්ට්‍රේලියාව විසින් අවලංගු කිරීම "පිළිගත නොහැකි හැසිරීමක්" බවයි.
සාම්ප්‍රදායික සබ්මැරීන සඳහා ප්‍රංශය සමග තිබූ ගිවිසුම ඔස්ට්‍රේලියාව අවලංගු කර ඇති අතර, කලාපයේ උපායමාර්ගික තත්ත්වයන් වෙනස් වීම හේතුවෙන් එක්සත් ජනපද තාක්ෂණය උපයෝගී කරගනිමින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන තැනීමට කටයුතු කරන බව අගමැති ස්කොට් මොරිසන් බ්‍රහස්පතින්දා පැවසීය.
ඔස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය සමග නව එක්සත් ජනපද ආරක්ෂක සන්ධානයක් ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන බලඇණියක් සමග සන්නද්ධ කිරීමට උපකාරී වන බව ජනාධිපති ජෝ බයිඩන් බදාදා නිවේදනය කළේය.
මෙම ගිවිසුම මඟින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන ලබාගත් න්‍යෂ්ටික අවි නොමැති පළමු රට බවටද ඔස්ට්‍රේලියාව පත්වීම විශේෂත්වයකි.
ලොව විශාලතම සාම්ප්‍රදායික ඩීසල්-විදුලි සබ්මැරීන 12ක් තැනීම සඳහා ප්‍රංශය සමග ඇ.ඩොලර් බිලියන 43 ගනුදෙනුවකට එළැඹෙන විට එක්සත් ජනපද න්‍යෂ්ටික සබ්මැරීන තාක්ෂණය ඔස්ට්‍රේලියාවට නොතිබූ බව මොරිසන් පැවසීය. එක්සත් ජනපදය මීට පෙර බ්‍රිතාන්‍යය සමග මෙම තාක්ෂණය බෙදාගෙන තිබුණි.
චීනයට එරෙහි වීම සඳහා ඔස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය සමග උපායමාර්ගික ඉන්දු-පැසිෆික් සන්ධානයක් ගොඩනැගීමට ජනාධිපති ජෝ බයිඩන් ගත් තීරණය ප්‍රංශය සහ යුරෝපා සංගමයද කෝපයට පත්කර ඇත. එමෙන්ම වර්තමාන බයිඩන් පාලනය ට්‍රම්ප්ගේ යුගයේ නැවත පැමිණීමක් ලෙස පෙනෙන බවද ඔවුන් කියයි.
ඒ අනුව මේ සතියේ එළිදැක්වූ ආරක්ෂක පියවර, බයිඩන් යුරෝපය සමග පැවති ප්‍රේම ගිම්හානය හදිසියේම අවසන් කළ බවක් පෙනෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.