පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව එක්සත් ජනපද විශේෂඥ කණ්ඩායම් සිය සහාය දක්වන්නේ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීම, අපරාධ පරීක්ෂණ පැවැත්වීම සහ අධිකරණ විශ්ලේෂණ කටයුතුවලදී බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
මෙම සියලු කාර්යයන් ශ්‍රී ලංකා බලධාරීන්ගේ ඉල්ලීම මත සහ ඔවුන්ගේ සම්බන්ධීකරණය යටතේ සිදුවන බවත්, මෙම සහයෝගීතාව කෙටි කාලීන, තාවකාලික හා මෑතදී කරනලද පහරදීම් සහ විශේෂයේ අපරාධකරුවන් නීතිය හමුවට ගෙනඒම සඳහා පමණක් සිදුවන්නක් බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.