එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රේලියාව අතර ඇති කරගෙන තිබෙන න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගීතාව චිනය තරයේ හෙළා දුටු අතර එය කලාපීය සාමයට හා ස්ථාවරභාවයට බලවත් තර්ජනයක් යැයි කියා සිටියේය.
බදාදා රටවල් තුන ඉන්දු-පැසිෆික් රාජ්‍ය තාන්ත්‍රික, ආරක්ෂක හා ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් ප්‍රකාශයට පත් කළ අතර, ඒ යටතේ එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඉතා සංවේදී න්‍යෂ්ටික සබ්මැරීන තාක්ෂණය ඔස්ට්‍රේලියාවට අපනයනය කිරීම සිදුකරයි.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් බීජිංහි පැවති ප්රවෘත්ති ප්රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ, එම රටවල් කලාපයේ සාමය සහ ස්ථාවරභාවය දැඩි ලෙස බිඳ දමමින්, ආයුධ තරගය තීව්ර කරන කරන බවයි.
"ඔවුන් න්‍යෂ්ටික අපනයන භූදේශපාලනික ක්‍රීඩා සඳහා මෙවලමක් ලෙස භාවිතා කරනවා. ඒ වගේම ඔවුන් අනුගමනය කරන ද්විත්ව ප්රතිපත්තීන් අතිශයින්ම වගකීම් විරහිතයි" යනුවෙන් ඔහු පැවසීය.
කෙසේ වෙතත් ප්‍රංශය මෙම පියවර හැඳින්වූයේ පිටුපසින් සිට පිහියෙන් ඇනීමක් බවයි. වාසිදායක සබ්මැරීන ගනුදෙනුවෙන් ප්‍රංශය ඉවත් කිරීමත් සමග ප්‍රංශය කියා සිටියේ වත්මන් ජනපති ජෝ බයිඩන්, ඔහුගේ පූර්වගාමියා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන් කටයුතු කරන බවයි.
දශක දෙකකටත් වඩා පැරණි කොලින් සබ්මැරීන වෙනුවට ඩොලර් බිලියන 40ක් වටිනා නව සබ්මැරීන් බලඇණියක් තැනීම සඳහා 2016 වසරේදී ඔස්ට්‍රේලියාව ප්‍රංශ නැව් සාදන්නෙකු සමග ගිවිසගෙන තිබුණු පසුබිමක ඇමෙරිකාව මෙසේ ප්‍රංශයේ ගනුදෙනුවට අතපොවා ඔවුන්ගේ කොන්ත්‍රාත්තුව රිංගවා ඇති බව කියැවෙයි.
එසේම, ප්‍රංශ සන්නද්ධ හමුදාවන්හි අමාත්‍ය ෆ්ලෝරන්ස් පාර්ලි පවසා සිටියේ, "භූදේශපාලනය සහ ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධයෙන් ගත් විටද මෙය ඉතා බරපතල තීන්දුවක්" බවයි. එමෙන්ම එක්සත් ජනපදය සිය සගයන්ට සලකන ආකාරයට තමාන්ට දැන් පැහැදිලි බවද කියා තිබුණි.
මේ අතර, නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩෙන් කියා සිටියේ දිගු කාලීන න්‍යෂ්ටික රහිත ප්‍රතිපත්තියක් යටතේ සිටි ඔස්ට්‍රේලියාවේ නව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයන්ට නවසීලන්ත මුහුදු සීමාව තුළ කිසිදු ඉඩක් නොදෙන බවයි.
"නිසැකවම, ඔවුන්ට අපේ අභ්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමට නොහැකියි. න්‍යෂ්ටික ශක්තියෙන් අර්ධ වශයෙන් හෝ සම්පුර්ණ බලයෙන් ක්‍රියාත්මක වන කිසිදු යාත්‍රාවකට අපේ අභ්‍යන්තර දේශසීමාවලට ඇතුළු වීමට හැකියාවක් නැහැ" ඇය පැවසුවාය.