ඇමෙරිකා එක්සත් ජනපදයේ අඟහරුවාදා දිනයේ මේ දක්වා කොවිඩ්-19 මරණ 2,000කට වඩා වාර්තා කර ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව අඟහරුවාදා මේ දක්වා අවම වශයෙන් නව මරණ 2,081ක් ඇමෙරිකාවෙන් වාර්තා වී තිබේ.
එක්සත් ජනපදය දිනකට නව මරණ 2,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා කළ 21 වැනි අවස්ථාව මෙයයි. කෙසේ වෙතත් මෙය පසුගිය මැයි මාසයේ සිට එක්සත් ජනපදය දැක ඇති වැඩිම දෛනික කොවිඩ්-19 මරණ සංඛ්‍යාව වෙයි.
දත්ත වලට අනුව, එක්සත් ජනපදය මේ වනවිට අවම වශයෙන් නව ආසාදන 169,766ක් වාර්තා කර ඇති අතර, රට පුරා තහවුරු වී ඇති සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 12,587,994ක් සහ අවම වශයෙන් වෛරස් ආශ්රිත මරණ 259,860ක් දක්වා ඉහළ ගොස් තිබේ.