එක්සත් ජනපදය පෙබරවාරි මාසයෙන් පසු ප්‍රථම වතාවට දෛනිකව වාර්තා වන නව කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 100,000කට වඩා වැඩි සාමාන්‍යයක් පවත්වා තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව, දින 7ක සාමාන්‍ය කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව අවසන් වරට පෙබරවාරි 11 වැනි දින 100,000ක් ඉක්මවා ඇත.
බෙහෙවින් බෝවන ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම හේතුවෙන් වර්තමාන වැඩිවීම බොහෝදුරට එක්සත් ජනපදය තුළ එන්නත් නොකළ ජනගහනය අතර පැතිර යන බව සඳහන් වෙයි.