නව කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් එලැඹෙන ඔක්තෝබර් මාසය වනතුරුත් සූදානම් වනු ඇතැයි සිතිය නොහැකි බව ඇමෙරිකානු ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ෆ්‍රැන්සිස් කොලින්ස් පවසයි.
කෙසේ වෙතත් එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) එරට ජනපදය අවට සිටින මහජන සෞඛ්‍ය නිලධාරීන්ට පවසා ඇත්තේ බොහෝදුරට නව කොරෝනා වෛරස එන්නතක් ඔක්තෝබර් අගදී බෙදා හැරීමට සූදානම් වන ලෙසය. එය රාජ්‍ය යාන්ත්‍රණය සූදානම් කිරීමට, ඊට උදව් කිරීමට සැලසුම් කිරීමේ අවස්ථාවක් විය හැකි බව කොලින්ස් සඳහන් කළේය.
"මෙය බාලදක්ෂ ආදර්ශ පාඨය හා සමානයි, සූදානමින් සිටින්න" කොලින්ස් පැවසීය. "එය ඉතා අඩු සම්භාවිතාවක් වුවද, සෑම දෙයක්ම ඉතා අලංකාර ලෙස එකට එකතු වී ඒ වනවිට අපට පිළිතුරක් ලැබී තිබේ නම් සහ අපට ආරක්ෂිත හා ඵලදායී එන්නතක් ඇති බව අප දැන සිටිනවා නම්, බෙදා හැරීම සිදුකරන්නේ කෙසේද යන්න මිනිසුන්ට දැනගැනීමට අවශ්‍ය නැද්ද? CDC කියන්නේ එපමණයි. නමුත් මතක තබා ගන්න ඒ සම්භාවිතාව ඉතා අඩුයි" කොලින්ස් තවදුරටත් පැවසීය.
තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම්වල එක්සත් ජනපදයේ දැනට එන්නත් තුනක් පවතී.
කෙසේ වෙතත් මේ වනවිට එක්සත් ජනපදය ලෝකයේ වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වන රට ලෙස වෛරසය ආශ්රිත මරණ 185,704ක් වන අතර, වෛරසය ආසාදිතයන් 6,113,160ක් දක්වා ඉහළ ගොස් තිබේ.