ඇමෙරිකා එක්සත් ජනපදයේ කැපිටල් හිල් ගොඩනැගිල්ල අසලට ගිය සැකකරු තම වාහනයේ බෝම්බයක් ඇති බව පවසමින්, එය පුපුරාවා හරින බවට තර්ජනය කර තිබේ.
කැපිටල් හිල් ගොඩනැගිල්ලට යාබදව පිහිටි කොංග්රස් පුස්තකාලය ඉදිරිපිට මෙම සැකකරු පැය ගණනක් සිය පිකප් ට්රක් රථයක් නවතා මෙසේ බෝම්බ ප්රහාර තර්ජනයක් සිදුකර ඇත.
කෙසේ වෙතත් පසුව මෙම පුද්ගලයා කැපිටල් හිල් පොලීසිය වෙත භාරවී ඇති අතර, ඔහු අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන් වෙයි.
49 හැවිරිදි ෆ්ලොයිඩ් රේ රෝස්බෙරි නම් සැකකරු ආරක්ෂිතව අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත්, ඔහුගේ පිකප් රථයේ තිබී බෝම්බයක් හෝ කිසිදු පුපුරණ ද්රව්යක් සොයාගැනීමට නොහැකි වූ බවත් පවසන පොලීසිය, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව කියයි.