ඇමෙරිකාවේ ආසාදන වැඩිවීම මධ්‍යයේ, එරට ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ගේ ජීවිත සුරකින කොවිඩ්-19 එන්නත් සඳහා ප්‍රවේශය ඇතැම් පරිපාලනයන් විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
විශේෂයෙන්ම දැඩිසත්කාර ඒකකවල හෝ ස්වෙච්ඡාවෙන් බරපතළ රෝගීන් හමුවේ සේවය කළ ඇතැම් සෞඛ්‍ය සේවකයන්ට එන්නත ලබාදීම මෙසේ ප්‍රතික්ෂේප වී තිබේ.
ඒ අනුව මෙම පක්ෂග්රාහී එන්නත් බෙදා හැරීමේ ක්‍රමයට ස්ටැන්ෆර්ඩ් හි වෛද්‍යවරු 100කට වැඩි පිරිසක් විරෝධතා දැක්වූ අතර, ඔවුන්ට අනුව ශ්වසන චිකිත්සකයින්, හෙද කාර්ය මණ්ඩලය, එම ස්ථාන පිරිසිදු කිරීමේ සේවකයන්, මෙන්ම රෝගීන් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති පුද්ගලයන්ට එන්නත ලබාදීම ප්‍රමාද බවට චෝදනා නැගෙයි.
කෙසේ වෙතත් නිවසේ සිට ටෙලිහෙල්ත් ක්‍රමයට සේවය කරන ඇතැම් සේවකයන් එන්නත ලබාගෙන තිබුණත්, ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට එන්නත ආරම්භක මාත්රාවලට හිමිකම් කීමට නොහැකි වී ඇති බව ද ගාඩියන් පුවත්පත හෙළි කරයි.