ඇමෙරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරය විසින් බොහෝවිට උපුටා දක්වන ලද නව කොරෝනා වෛරසය පිළිබඳ ප්‍රධාන ආකෘතියක් යළිත් වරක් කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ ඉස්මතු කරමින්, ලබන අගෝස්තු මස 04දා වනවිට එක්සත් ජනපදයේ සමස්ත මරණ සංඛ්‍යාව 147ක් බවට පුරෝකථනය කර තිබේ.
එය මීට පෙර ආකෘතියෙන් ඉදිරිපත් කළ ඇස්තමේන්තුවට වඩා මරණ සංඛ්‍යාවේ 10,000ක පමණ වැඩි වීමක් බවද පෙන්වා දෙයි.
පසුගිය ඉරිදා වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ක්‍රිස්ටෝපර් මරේ විසින්, මීට පෙර වැඩිවීම එරට ප්‍රාන්ත ගණනාවක වෛරසය ආශ්රිත මරණවල ක්රමික වැඩිවීම (අතිරේක මරණ) සමග සම්බන්ධ කළේය.
ඒ අනුව, ඉරිදා ඉස්මතු කළ ඇස්තමේන්තුවලට සාපේක්ෂව මෙම ආකෘතිය දැන් නිව්යෝක්හි අතිරේක මරණ 2,450ක්, මැසචුසෙට්ස් හි අතිරේක මරණ 2,000ක් සහ පෙන්සිල්වේනියාවේ අතිරේක මරණ 1,700ක් පමණ පෙන්නුම් කරයි. අනෙකුත් ප්‍රාන්තවලද සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබුණි. උදාහරණයක් ලෙස උතුරු කැරොලිනාවේ තවත් මරණ 3,200ක් පමණ සිදුවනු ඇතැයි අපේක්ෂා කරන අතර මේරිලන්ඩ්හි තවත් 1,200ක් පමණ සිදුවනු ඇතැයි පුරෝකථනය කෙරෙයි.
කෙසේ වෙතත් මෙම ඇස්තමේන්තුවේදී සමහර ප්‍රාන්තවල ජෝර්ජියාව ද ඇතුළුව පුරෝකථනය කළ මරණවල අඩුවීමක් දක්නට ලැබුණි. එහිදී ඉන්දියානා ප්‍රාන්තයේ පුරෝකථනය කළ මරණවල 1,600ක පමණ අඩු වීමක් පෙන්වා ඇත.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (13දා) උදෑසන වනවිට එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව දැක්වුණේ 82,356ක් ලෙසිනි. එහිදී වැඩිම මරණ නිව්යෝක් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර, එම අගය 27,284ක් ලෙස සටහන් වන්නේ බ්‍රිතාන්‍යයේ සහ ඉතාලියේ මරණවලට පමණක් දෙවැනි වෙමිනි. එමෙන්ම එක්සත් ජනපදයේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 1,369,376ක් ලෙස සටහන් වෙයි. එරට වෛරසය ආසාදිතව සුවය ලබා ඇති පිරිස 230,287කි.