ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 85,000 ඉක්මවා යමින්, අද (15දා) අලුයම වනවිට 85,884ක් ලෙස වාර්තා විය.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එරට සමස්ත ආසාදිත අගයද ලක්ෂ 14 ඉක්මවා ගොස්, මේ වනවිට 1,417,350ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඇමෙරිකාවේ සිදුව ඇති මරණවලින් වැඩිම ප්‍රමාණයක් නිව්යෝක් ප්‍රාන්තය කේන්ද්‍ර කරගෙන සිදුව ඇති අතර, එම අගය 27,641කි. මෙය ලෝකයේ රටවල සිදුව ඇති මරණ සංඛ්‍යාව සමග සැසඳීමේදී දෙවැනි වන්නේ ඇමෙරිකාව හැරුණු විට මහා බ්‍රිතාන්‍ය සහ ඉතාලියට පමණි.
කෙසේ වෙතත් ඇමෙරිකාවේ වෛරසය ආසාදනය වූවන්ගෙන් මේ වනවිට 246,414 දෙනෙකු සුවය ලබා ඇති බව එම විශ්වවිද්‍යාල දත්ත වැඩිදුරටත් පවසයි.