ප්රචණ්ඩකාරී විරෝධතාකරුවන් එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලට පහර දී සතියකට පසුව, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් එරට ඉතිහාසය තුළ දෙවරක් දෝෂාභියෝගයට ලක්වූ ප්රථම එක්සත් ජනපද ජනාධිපති බවට පත්ව තිබේ.
ට්රම්ප්ට 'රජයට එරෙහිව ප්රචණ්ඩත්වය උසිගැන්වීම' සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. 232ට 197ක් ලෙස සම්මත වූ දෝෂාභියෝගයට සභාව බදාදා ඡන්දය ප්රකාශ කළ අතර, මෙහි විශේෂත්වය වූයේ ට්රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ දේශපාලඥයන් දස දෙනෙකුද දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ලබාදීමය.
ට්රම්ප් සිය ධුරයෙන් ඉවත් වූ පසුව ඔහුට එරෙහි සෙනෙට් විමර්ශනය සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් ට්රම්ප් වරදකරු කිරීමට හෝ 2024 දී හෝ ඉන් ඔබ්බට ධුරය දැරීම වළක්වා ගැනීමට සභාවේ දෝෂාභියෝගයකට හෝ සෙනෙට් ඡන්දයකට නොහැකි විය. අනාගතයේදී ට්රම්ප් ජනාධිපති ධුරයට පත්වීම වළක්වා ගැනීම සඳහා එක්සත් ජනපද සෙනෙට් සභිකයන් අතිරේක ඡන්දයක් අනුමත කළ යුතුය.