එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්රචාරක රැලි දස දහස් ගණනක් වූ කොවිඩ්-19 ආසාදිතයන් හා සිය ගණනක් මරණ සමග සම්බන්ධතාවක් පවතින බව ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාල වාර්තාවක් අනාවරණය කරයි.
ට්‍රම්ප් විසින් ජුනි 20දා සිට සැප්තැම්බර් 30දා දක්වා කාලය තුළ මැතිවරණ ප්රචාරක රැලි පැවැත් වූ රට පුරා ස්ථාන 18ක කොවිඩ්-19 ආසාදන අනුපාතය පිළිබඳව සිදුකළ පර්යේෂණ වාර්තාවකින් මෙය අනාවරණය කර තිබේ.
පසුව එම ප්‍රාන්තවල පශ්චාත් රැලි ආසාදන අනුපාතයත් (රැලිය පැවැත්වීමෙන් පසුව තත්ත්වය), රැලි නොපැවැත්වූ ප්‍රාන්ත 18ක ආසාදන අනුපාතයත් සංසන්ධනාත්මකව විශ්ලේෂණය කිරීමක් සිදුකර තිබේ.
ඒ අනුව මෙම මැතිවරණ රැලිවල ප්‍රතිඵලයක් ලෙස 30,000කට අධික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ඒ තුළ 700කට අධික සංඛ්‍යාවක් මරණයට පත්වන්නට ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත් එම මරණ සෘජුවම රැලිවලට සහභාගී වූ අය නොවුණත්, අධ්‍යයනය පැහැදිලි කළේ එම ආසාදන සිදුවීම්වලින් පැනනැඟුණු සිද්ධීන් හා සම්බන්ධ විය හැකි බවය.