කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් මියගිය ඇමෙරිකානුවන් 60,876ක් බව අද (30දා) අලුයම ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
අමෙරිකාව මුලින් එරට මරණ 100,000ක් පුරෝකතනය කළද, පසුව එය 60,000ක් වනු ඇති බව කියා සිටියත්, මේ වනවිට එරට මරණ සංඛ්‍යාව අධික වේගයකින් 60,000ක අගය ඉක්මවා තිබේ.
එමෙන්ම මේ වනවිට අමෙරිකානුවන් 1,038,451 දෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවද එම දත්ත වැඩිදුරටත් පවසයි.
ඇමෙරිකාවේ කොවිඩ් මරණවලින් වැඩිම අගය නිව්යෝක් නගරයෙන් වාර්තා වන අතර, එය 18,076ක් ලෙස සටහන් වෙයි.
මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගත වී යළි සුවය ලබා ඇති අමෙරිකානුවන් 120,444ක් වාර්තා වෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පෙන්වා දෙන්නේ, ඇමෙරිකාව තුළ කොවිඩ් පරීක්ෂණ 6,026,000ක් ඉක්මවා දැනට සිදුකර ඇති බවයි.