චාවකච්චේරිය ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයෙකුගේ ගිණුමකට විදේශ රටකින් රුපියල් 13423197ක මුදලක් ලැබීමේ සිදුවීමට සම්බන්ධව එම ගිණුම් හිමියා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
විදේශ රටක සිටින පුද්ගලයෙක් විසින් මෙම මුදල් ඔහුගේ ගිණුමට එවා තිබෙන බව අණාවරණය වී තිබේ. විශේෂහෙන්ම ඇමෙරිකාවේ සිටින ශ්‍රී ලංකාවෙන් ගිය පුද්ගලයන් විසින් එරට ගිණුම් හිමියන්ගේ ගිණුම් වෙත අනවසරයෙන් පිවිස ලංකාවට මුදල් එවන බවට හඳුනාගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
ඒ ආකරයට පසුගිය වසරේ කෝටි 17කට ආසන්න මුදලක් එවා ඇති බව වාර්තා තිබේ. ඒ සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකුම මේ වන විටත් අත්ඩංගුවට ගෙන තිබේ.
අපරාධකරුවන් එම මුදල් ලංකාවේ ගිණුම් හිමියන්ට එවීමෙන් පසු යළිත් දින කිහිපයකින් එම මුදල් ඔවුන්ගේ ගිණුම් වෙත ගෙන්වා ගන්නා අතර ලංකාවේ පුද්ගලයාට යම් මුදලක් ගෙවනු ලබයි.
මෙය මුදල් විශුද්ධීකරණ වරදක් වන අතර එම මුදල් වැඩි වශයෙන් ලංකාවේ උතුරු හා නැගෙනහිර පුද්ගලයන්ට ලැබෙන බව වාර්තා වී තිබේ.
එයට හේතුව වී ඇත්තේ ඔවුන්ගේ බොහෝ ඥාතීන් ඇමෙරිකාවේ හා කැනඩාවේ පදිංචිකරුවන් වී සිටීම යැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.