ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය විසින්, අන්තර් ප්‍රාන්ත ගුවන් මාර්ග ඇතුළු, දුම්රිය, බස්, කුලී රථ ඇතුළු ප්‍රවාහන මාධ්‍ය සහ සංක්‍රමණික කේන්ද්‍රස්ථානවල මුඛ ආවරණ අනිවාර්ය කිරීමේ නීතියක් හෙට සිට බලාත්මක කර තිබේ.
මෙම මුඛ ආවරණ නීතියට එරට උමං මාර්ග පද්ධතියද ඇතුළත් වන අතර, මුඛ ආවරණ නොපලඳින්නන් ෆෙඩරල් නීතිය උල්ලංඝනය කරන්නන් ලෙස සලකන බව දන්වයි.
කෙසේ වෙතත් එක් අයෙකු පමණක් ගමන් කරන මෝටර් රථ්යක හෝ වාණිජ ට්‍රක් රථයක මුඛ ආවරණ නීතිය අදාල නොවන බවද කියයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 26ක් ඉක්මවා මරණ 440,000කට ආසන්න වනවිට වසංගතය පිටුදැකීමේ අනිවාර්යය මහජන සෞඛ්යාරක්ෂක පියවර මෙසේ කරළියට පැමිණෙමින් තිබේ.