ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව ඇමෙරිකානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට කොවිඩ්-19 ආසාදනය ඇති බව තහවුරු වී ඇති අතර, ඒ අනුව එක්සත් ජනපදයේ වාර්තා වී ඇති නිල ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 33.2ක් ඉක්මවා තිබේ.
නමුත් වාර්තා වූ ආසාදන අගය සැබෑ තත්ත්වය නොවන බව කියයි. එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන ඇස්තමේන්තු කර ඇත්තේ ඇමෙරිකානුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවය. එනම් අපේ‍්‍රල් මැද භාගය වනවිට මුළු ආසාදන මිලියන 115ක් පමණ ඇස්තමේන්තු කර ඇත.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව, උතුරු ඩැකෝටා, රෝඩ් අයිලන්ඩ් සහ දකුණු ඩැකෝටා හි නිල සිද්ධි අනුපාත ඉහළම මට්ටමක පවතින අතර, වසංගතයේ ආරම්භයේ සිට සෑම ප්‍රාන්තයකම ජනගහනයෙන් 14%කට වඩා ආසාදනය වී ඇත. එහිදී හවායි, වර්මොන්ට් සහ ඔරිගන්හි ජනගහනයෙන් 5% කටත් වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා වී ඇත.