ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්රාන්තයේ සම්බාහන ආයතන (ස්පා) තුනකදී ඊයේ (16දා) සිදුව ඇති වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙසේ මියගිය අයගෙන් බොහෝ දෙනෙක් ආසියානු කාන්තාවන් බව ආරක්ෂක අංශ උපුටා දක්වමින් ඒපී පුවත් සේවය වාර්තා කර තිබුණි.
අඟහරුවාදා පස්වරුවේ චෙරෝකි ප්රදේශයේ සම්බාහන ආයතන පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබූ බව ආරක්ෂක අංශ පවසයි.
ඉන් මද වේලාවකට පසු, ඇට්ලන්ටා ප්රදේශයේ සම්බාහන ආයතන දෙකකට එල්ල වී ඇති වෙඩි තැබීමෙන් තවත් සිව් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.
චෙරෝකි ප්රදේශයේ වෙඩි තැබීම්වල සැකකරුවෙකු රාත්රී 8.30 ට පමණ ඇට්ලන්ටා සිට සැතපුම් 150 ක් දකුණින් ක්රිස්ප් ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනවලින් පැය තුනහ මාරකට පමණ පසු චෙරෝකි ෂෙරිෆ් කාර්යාලය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, සැකකරු 21 හැවිරිදි රොබට් ආරොන් ලෝන්ග් ලෙස හඳුනාගෙන තිබේ.
මෙම සම්බාහන ආයතන වෙත එල්ල වූ ප්රහාර එකකට එකක් සම්බන්ධ දැයි පොලීසිය විමර්ශන සිදුකරන අතර, සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැත.