ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆිලඩෙල්ෆියා හි විවෘත පිකප් ට්‍රක් රථයක මළ සිරුරු හතක් ප්‍රවාහනය කරන ඡායාරූපයක් දැඩි කම්පනයක් හා ආන්දෝලනයක් ඇති කර තිබේ.
ප්‍රාදේශීය රෝහලක සිට වෛද්‍ය පරීක්ෂක කාර්යාලය වෙත මෙම සිරුරු ප්‍රවාහනය කර ඇති බව කියයි.
ෆිලඩෙල්ෆියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිද්ධිය තහවුරු කරන අතර, මෙසේ මළ සිරුරු ප්‍රවාහනය කිරීම මහජන සෞඛ්‍ය හා මානුෂීය නීති උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දෙයි. කෙසේ වෙතත් මෙසේ මියගොස් ඇති අය කොවිඩ්-19 නිසා මියගිය අයද යන්න තහවුරු කර නැත.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව ෆිලඩෙල්ෆියා හි අවම වශයෙන් කොවිඩ්-19 මරණ 394ක් වාර්තා වන අතර, ආසාදිතයන් 10,000 ඉක්මවා තිබේ.
එම දත්තවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත මරණ සංඛ්‍යාව 46,784ක් ලෙස අද (23දා) දහවල් වනවිට වාර්තා වී ඇති අතර, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 842,629කි.