කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සමග ඇමෙරිකාවේ වීදි පුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ හමුවේ පසුගිය සිකුරාදා ට්‍රම්ප් සහ ඔහුගේ පවුලේ උදවිය ධවල මන්දිරයේ පිහටි භූගත බංකරයක් වෙත රැගෙන ගිය පුවතක් නිව්යෝක් ටයිම්ස් හරහා ප්‍රසිද්ධ විය.
රහස් සේවා නියෝජිතයන් විසින් ට්‍රම්ප් පවුල මේ ආකාරයෙන් ආරක්ෂා කිරීමට කටයුතු කළ තිබූ බව වැඩිදුරටත් පැවසූ පුවත්පත, කැලඹීමට ලක්ව සිටි ට්‍රම්ප් සහ පවුලේ අයව මේ ආකාරයෙන් අසාමාන්‍ය ආරක්ෂක පියවරක් වෙත ගෙනයෑමට පෙලඹුණේ කුමක්ද යන්න පැහැදිලි නැතැයිද කියා තිබුණි.
මෙම ප්‍රවෘත්තියෙන් පසුව ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහුගේ සුපුරුදු වදන වන Fake News ලෙස එය බැහැර කර තිබුණි.
මේ සම්බන්ධයෙන් ධවල මන්දිර ප්‍රකාශකයෙකු වන ජඩ් ඩියර් මාධ්‍ය වෙත පැවසුවේ "ආරක්ෂක විධිවිධාන සහ තීරණ ගැන ධවල මන්දිරය අදහස් දක්වන්නේ නැහැ" යනුවෙනි.