ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි වෙඩි තැබීමකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, සැකකරු ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
පොලීසිය සමග වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ සැකකරු අත්අඩංගුවට ගැනීමට පෙර ලොස් ඇන්ජලීස්හි තදාසන්න කාර්යාල ගොඩනැගිල්ලක මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, එහිදී කුඩා දරුවෙකු ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
දෙමහල් කාර්යාල ගොඩනැගිල්ලක වෙඩි තැබීම සිදුව ඇති අතර, එය ව්‍යාපාරික ස්ථාන කිහිපයකින් වටවූ අභ්‍යන්තර ස්ථානයක් බව කියයි.
මෙය ලොස් ඇන්ජලීස් හි වර්ෂ 1997 න් පසුව සිදුවූ මාරාන්තිකම වෙඩි තැබීම බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර, එක්සත් ජනපදය තුළ ගිනිඅවි භාවිතය සමග සිදුවන සමූහ ඝාතන සම්බන්ධ ආසන්නතම සිදුවීම ලෙස මෙය සැලකෙයි.