වොෂිංටනය සිය වගකීම භාර ගැනීමටත්, කොවිඩ්-19 සමග කටයුතු කිරීමට සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවට නිසි දායකත්වයක් ලබා දීමටත් බැරෑරුම්, උනන්දුවෙන්, විනිවිද පෙනෙන සහ වගකිවයුතු ආකල්පයක් ගනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය කියයි.
එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) නැවත පැමිණීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින් චීනය මෙම අදහස් පළ කර තිබේ.
එක්සත් ජනපදය විසින් මෑතකදී කරන ලද ප්‍රකාශයකින් කියැවුණේ ඔවුන්, ඉහළම ප්‍රමිතීන්ට අනුකූලව තබා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග නැවත සම්බන්ධ වෙමින් සිටින බවත්, සියලුම රටවල් සෞඛ්‍ය හදිසි අවස්ථා වළක්වා ගැනීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහා විනිවිද පෙනෙන හා ශක්තිමත් ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු බවත්ය.
ඩොනල්ඩ් ට්‍රම්ප් පාර්ශ්වය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඇමෙරිකානු අරමුදල් සැපයීමද නවත්වමින්, ඉන් ඉවත් වන බව පසුගිය වසරේදී දැනුම් දෙන ලදී. වත්මන් ජනපති බයිඩන් නැවතත් ඒ ක්‍රියාවලිය ආපසු හරවමින් සිටින බව කියැවේ.