එක්සත් ජනපදය ගෙවීගිය පැය 24ට නව කොරෝනා වෛරසය ආශ්රිත මරණ 233ක් වාර්තා කර ඇති අතර එය මෙතෙක් එරට මාරාන්තිකම දිනය බවට පත්ව තිබේ.
එක්සත් ජනපදය මේ වනවිට අවම වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 65,273ක් සහ මරණ 938ක් වාර්තා කර ඇති බවද සඳහන් වෙයි.
එරට සමස්ත ආසාදිතයන් එකතුවට ප්රාන්ත 50 න්, කොලොම්බියා දිස්ත්රික්කයේ සහ අනෙකුත් එක්සත් ජනපද බලප්රදේශවල ආසාදිතයන් මෙන්ම, විදේශයන්ගෙන් ආපසු එරටට ගෙන්වා ඇති සියලුම ආසාදිතයන්ද ඇතුළත් බව කියයි.