කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසාදිත අගය අද (08දා) අලුයම වනවිට ලක්ෂ 13ක සිමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
ඒ අනුව මේ වනවිට වෛරසය ආසාදිතව ඇමෙරිකාව තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාවද 76,000ක සීමාවට ළඟා වී තිබේ.
සමස්තයක් ලෙස ඇමෙරිකාවේ වෛරසය ආසාදනය වූවන්ගෙන් ලක්ෂ 2කට ආසන්න පිරිසක් මේ වනවිට සුවය ලබා ඇති බවද එම දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ අතර ඇමෙරිකාවේ වැඩිම මරණ වාර්තා වීම නිව්යෝක් ප්‍රාන්තයෙනි. එය සංඛ්‍යාත්මකව ගත්විට 26,000 ඉක්මවා ගොස් ඇති අතර, ඉන් අනතුරුව පිළිවෙළට නිව් ජර්සි, මැසචුසෙට්ස්, මිචිගන්, පෙන්සිල්වේනියා, ඉල්නොයිස් ආදී ප්‍රාන්තවලින් වැඩිම මරණ වාර්තා වෙයි.
ඇමෙරිකාව තුළ මේ දක්වා සිදුකර ඇති සමස්ත කොවිඩ්-19 පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 81 ඉක්මවා ගොස් තිබේ.