ඇමෙරිකා එක්සත් ජනපදය එරට තුළ කොවිඩ්-19 වෛරසය පැතිරීම ආරම්භ වූ දින සිට වැඩිම දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කළ දිනය ගෙවීගිය දිනයේ වාර්තා කර තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව එක්සත් ජනපදයේ ගෙවීගිය දිනයේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් 91,744ක් වාර්තා කර ඇත.
එමෙන්ම මේ වනවිට එරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 9ක සීමාව ඉක්මවා යමින්, අද (31දා) අලුයම වනවිට 9,036,678ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මීට අමතරව වෛරසය ආශ්‍රිතව එක්සත් ජනපදය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 230,000ක සීමාවට පැමිණ ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එය මේ වනවට 229,594ක් ලෙස සටහන් වෙයි.
කෙසේ වෙතත් එරට වෛරසය ආසාදිතව සිට සම්පූර්ණ සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව තවමත් 7,373,375ක් ලෙස සටහන් වෙයි.