ඇමෙරිකා එක්සත් ජනපදයේ, මිනසෝටා ප්‍රාන්තයේදී කළු ජාතිකයෙකු පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධයෙන් පසුව දැඩි විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය වී තිබේ.
වඩාත් කතාබහට ලක්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් තවත් කළු ජාතිකයෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස් නිලධාරියෙකු වන ඩෙරෙක් චාවින්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන ස්ථානයේ සිට සැතපුම් 10ක් පමණ දුරින් වූ මිනියාපොලිස් නගරාසන්නයේ බෘක්ලින් මධ්‍යස්ථානය අවට මෙම නවතම වෙඩි තැබීමද සිදුව ඇත.
මිනසෝටා ආණ්ඩුකාර ටිම් වෝල්ස් සිද්ධියෙන් මියගිය පුද්ගලයා ඩොන්ටේ රයිට් ලෙස නම් කරනු ලැබීය.
පොලිස් මාර්ග බාධකයකදී ඝාතනය ලක්වූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, ඔහු වරෙන්තුවක් යටතේ සිටින්නෙකු බව තීරණය කිරීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ බවද පොලීසිය කියයි.
එහිදී ඔහු නැවත සිය වාහනයට ගොඩ වූ පසුව, පොලිස් නිලධාරියෙකු ඔහුට වෙඩි තැබූ බව පොලිසිය පවසයි. පසුව වෙඩි පහර වැදීගෙනම ඔහුගේ රථය වෙනත් වාහනයක ගැටීමට පෙර එය කෙටි දුරක් ධාවනය වී ඇති බවද සඳහන් වෙයි.
බෘක්ලින් මධ්‍යස්ථානයේ පොලිස් ප්‍රධානී ටිම් ගැනන් පැවසුවේ අනතුරින් පසු පොලිසිය සහ වෛද්‍ය නිලධාරීන් ජීවිතාරක්ෂක පියවර ගැනීමට උත්සාහ කළ නමුත් ඔහු එම ස්ථානයේදීම මිය ගිය බවයි.