හම්බන්තොට වරායේ ශ්‍රී ලංකව හා චීනය එක්ව කරන්නේ බද්ධ ව්‍යාපාරයක් බවත් ශ්‍රී ලංකවේ කිසිම ආකාරයක විදේශීය නාවික හමුදාවකට අයත් මූලස්ථානයක් නොමැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පසුගියදා එංගලන්තයේ සංචාරක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔක්ස්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ පැවැති සාකච්ඡාවක්දී මේ බව සඳහන් කර තිබේ.
ඇමෙරිකාවේ උප ජනපති මයික් පෙන්ස් පසුගියදා ප්‍රකාශ කළේ චීනය ‘ණය උපාය දක්ෂතාව’ හරහා සිය බලය විහිදුවීමට කටයුතු කරන බවත් හම්බන්තොට වරාය ඉතාමත්ම ඉක්මනින් හමුදා මූලස්ථානයක් වෙනු ඇති බවයි.
“ හම්බන්තොට වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චීන මර්චන්ට් ආයතනයත් සමග කරන හවුල් ව්‍යාපාරයක්. ශ්‍රී ලංකාවේ විදේශීය නාවික හමුදාවකට අයත් මූලස්ථානයක් නෑ. මේ පිළිබඳව ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබෙන්නේ”