ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 90,000ක සීමාව කරා පැමිණ තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (18දා) අලුයම වනවිට එම අගය දැක්වුණේ මරණ 89,550ක් ලෙසිනි.
ඇමෙරිකාවේ මරණවලින් වැඩිම අගය නිව්යෝක් ප්‍රාන්තය කේන්ද්‍ර කරමින් වාර්තා වී ඇති අතර එම අගය 28,232කි. එමෙන්ම නිව් ජර්සි ප්රාන්තයෙන්ද මරණ 10,363ක් වාර්තා වී තිබේ.
එමෙන්ම ඇමෙරිකාවේ සමස්ත ආසාදිත අගයද ලක්ෂ 15 සීමාව කරා වේගයෙන් පැමිණෙමින් ඇති අතර, එම අගයද අද අලුයම දැක්වුණේ 1,486,423ක් ලෙසිනි.
ඇමෙරිකාවේ වෛරසය ආසාදිතව සුවය ලැබූවන් සංඛ්‍යාව මේ වනවිට 272,265ක් ලෙස වාර්තා වන අතර, එරට සිදුකර ඇති සමස්ත කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව 11,499,203කි.