ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිත මරණ 80,000 සීමාවට පැමිණ ඇති අතර, අද (11දා) අලුයම එම අගය දැක්වුණේ 79,522ක් ලෙසිනි.
එරට වැඩිම මරණ වාර්තා වන ප්‍රාන්තය ලෙස නිව්යෝක් ප්‍රාන්තය සැලකෙන අතර, එහි සිදුව ඇති මරණ සංඛ්‍යාව 26,641කි.
ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 1,329,203ක් ලෙස වාර්තා වෙයි.
කෙසේ වෙතත් එරට තුළ මේ දක්වා වෛරසය ආසාදිතව සුවය ලබා ඇති පිරිස දැක්වුණේ 216,169ක් ලෙසිනි.