ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 40,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
ඒ අනුව එම දත්තවලට අනුව මේ වනවිට ඇමෙරිකානුවන් 40,661ක් නව කොරෝනා රෝගයට ගොදුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
එමෙන්ම මේ වනවිට එක්සත් ජනපදයෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 7.5ක සීමාව ඉක්මවා 759,086ඇති බවද එම දත්ත පෙන්වා දෙයි.
ලොව වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතයන් වාර්තා වන එක්සත් ජනපදය තුළ මේ වනවිට රෝගය වැළඳී සම්පූර්ණයෙන් සුවය ලබා ඇති පිරිස 70,337කි.