ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද නවතම දත්ත වලට අනුව, එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 175,000ක සීමාව ඉක්මවා ගොස් තිබේ.
අද (22දා) උදෑසන වනවිට එම දත්ත පෙන්වා දුන්නේ, රට පුරා අවම වශයෙන් සමස්ත මරණ 175,245ක් සහ ආසාදිතයන් 5,618,133ක් වාර්තා වී ඇති බවයි.
එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව සැකෙවින් විස්තර කිරීමේදී එරට පළමු මරණය වාර්තා වීමේ සිට මේ දක්වා ගමන්මග මෙසේය.
පෙබරවාරි 29 - පළමු වැනි මරණය වාර්තා විය.
අප්‍රේල් 23 - මරණ 50,000 සීමාව ඉක්මවීය.
මැයි 23 - මරණ 100,000 සීමාව ඉක්මවීය.
ජූලි 28 - මරණ 150,000 සීමාව ඉක්මවීය.
අගෝස්තු 22දා - මරණ 175,000 සීමාව ඉක්මවීය.