වර්තමාන තත්ත්වය මත පදනම්ව නොවැම්බර් මාසය වනවිට කොවිඩ්-19 හි එක්සත් ජනපද මරණ 230,822ක් සිදුවනු ඇතැයි වොෂිංටන් විශ්ව විද්‍යාලයේ, සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනයෙහි (IHME) කොරෝනා වෛරස ආකෘතිය දැන් පුරෝකථනය කරයි.
ජූලි 22 වැනි දින විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනය විසින් නොවැම්බර් මාසය වනවිට වෛරසයෙන් මිය යන සංඛ්‍යාව 219,864ක් ලෙස පුරෝකථනය කර තිබුණි.
නවතම යාවත්කාලීනයෙන් පිළිබිඹු වන්නේ ආසාදන වැඩිවීම හා ඇතැම් පුද්ගලයින් මුඛ ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ වෛරසය සම්ප්‍රේෂණය අවම කිරීම සඳහා ගෙනඇති වෙනත් ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මරණ 11,000ක් පමණ වැඩිවිය හැකි බවය.
එක්සත් ජනපදය සමස්තයක් වශයෙන් මුඛ ආවරණ පැලඳ සිටී නම්, නොවැම්බර් වනවිට මරණ සංඛ්‍යාව 198,831ක් දක්වා පහත වැටෙනු ඇති බවද එම විශ්වවිද්‍යාලය පෙන්වා දෙයි. මේ වනවිට රට තුළ මුඛ ආවරණ භාවිතය ඉහළ මට්ටමක පවතින නමුත්, එය සමස්තයක් ලෙස එතරම් ඉහළ මට්ටමක නොවෙයි. කෙසේ වෙතත් ඇතැම් ප්‍රාන්තවල මුඛ ආවරණ නීතිය දැඩි කිරීමෙන් පසුව ප්‍රාන්ත හා ඇතැම් නගරවල මුඛ ආවරණ පැලඳීම ඉහළ ගොස් ඇති අතර, ඇතැම් ප්‍රාන්තවල ආසාදිතයන් හා මරණ ඉහළ ගොස් තිබේ.
"ඇමරිකානුවන්ගෙන් 95% ක්ම තම නිවෙස්වලින් පිටවන සෑම අවස්ථාවකම මුඛ ආවරණයක් පැලඳ සිටියොත්, ආසාදන අනුපාතය පහත වැටෙනු ඇති, රෝහල් ගතවීම් පහත වැටෙනු ඇති, පුරෝකථනය කළ හැකි මරණ පහත වැටෙනු ඇති" යනුවෙන් IHME හි සෞඛ්‍ය ප්‍රමිතික විද්‍යා මහාචාර්ය අලි මොක්ඩාඩ් පැවසීය. "වසංගතයේ ආසාදන වැඩිවීමේ අවදානම මාධ්‍ය විසින් වාර්තා නොකරන තුරු ජනතාව තම අවදානම පහත හෙළා ගනීවි"
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව අද (31දා) අලුයම වනවිට, ඇමෙරිකානුවන් මිලියන 4.48කට වැඩි පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, අවම වශයෙන් 151,826ක් මිය ගොස් තිබේ.
"වෛරසය සම්ප්‍රේෂණය වීම අවම කිරීම සඳහා ඇමෙරිකානුවන් තම ආරක්ෂාව තමන් විසින්ම තබාගන්නවාට අප කැමතියි. මොකද අපට තවමත් ඵලදායී ඖෂධ හෝ එන්නත් නැහැ. එබැවින් රෝගය ආසාදනය වීමෙන් වැළකී සිටීම ප්‍රධානයි" මොක්ඩාඩ් වැඩිදුරටත් පැවසීය.