ඇමෙරිකා එක්සත් ජනපදයේ කැපිටල් හිල් ගොඩනැගිල්ල වෙත අද (04දා) යළිත් පහරදීමක් සිදුවිය හැකි බවට තර්ජනයක් පවතින්නේ යැයි එක්සත් ජනපද ආරක්ෂක අංශ ඊයේ (03දා) අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
කැපිටල් හිල් සංකීර්ණය වෙත ට්‍රම්ප් හිතවාදීන් පහර දී මාස දෙකකටත් අඩු කාලයකදී එම කැරලිකරුවන් විසින් එරට නීති සම්පාදකයන්ගේ ජීවිතවලට යළිත් තර්ජනයක් විය හැකි බැවින් ඒ සඳහා පූර්වාරක්ෂාවක් ලෙස එහි ආරක්ෂාව වැඩි කිරීමටත්, මෙම ආරක්ෂක අවදානම් සැලකිල්ලට ගනිමින් සභාව කල් දැමීමටත් පියවර ගෙන ඇති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා පවසයි.
FBI සහ අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සපයන ලද තොරතුරු අනුව, මීට පෙර ජනවාරි මාසයේදී සිදුවූ පහරදීමටද සම්බන්ධ කැරලිකාර කණ්ඩායමක සාමාජිකයන් ඇතුළු අන්තවාදීන් අතර යළි පහරදීමක් ගැන වැඩි කතාබහක් ඇති බවට අනතුරු අඟවා ඇත. එහිදී කුමන්ත්‍රණ න්‍යායවාදීන් මාර්තු 4 වැනි දින කැපිටල් හිල් වෙත වැඩි අවධානය යොමු කර ඇති දිනයක් බවද ආරක්ෂක අංශ අනාවරණය කර තිබේ.