කොවිඩ්-19 එන්නත් හා එන්නත් නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය අපනයනයට පනවා ඇති සීමා ඉවත් කරන ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙන් මැක්රෝන් අද (08දා) එක්සත් ජනපද රජයෙන් දැඩි ඉල්ලීමක් කළේය.
පෘතුගාලයේ පැවති යුරෝපා සංගම් සමුළුව අමතමින් මැක්රොන් කියා සිටියේ අවම සංවර්ධිත රටවලට උපකාර කිරීම සඳහා ධනවත් රටවල් ඔවුන්ගේ එන්නත් ධාරිතාව විවෘත කළ යුතුව ඇති අවස්ථාවක මෙය සිදු නොවිය යුත්තක් බවයි.
"දුප්පත් රටවලට සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩාත් ඉක්මණින් එන්නත් ලබාදීමේ රහස වන්නේ අපනයන තහනම ඉවත් කරමින්, වැඩි එන්නත් ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අවකාශය සලසා දීමයි." ප්‍රංශ නායකයා කියා සිටියේය.
ඇමෙරිකාව එන්නත් සඳහා අවශ්‍ය එරට නිෂ්පාදිත අමුද්‍රව්‍ය එන්නත් නිෂ්පාදකයන්ට ලබාදීමේදී එරටට අවශ්‍ය එන්නත් නිෂ්පාදනය කරන රට තුළම සිටින නිෂ්පාදකයන්ට වැඩි ප්‍රමුඛතාවක් ලබාදී තිබේ. මේ තත්ත්වය තුළ ලොව බොහෝ දුප්පත් රටවලට සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට වැඩි බලපෑමක් සිදුව ඇති බව රොයිටර් පුවත් සේවය අනාවරණය කරයි.