ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩීසී හි හටගත් නොසන්සුන් තත්ත්වය හේතුවෙන් නගරයේ ඇඳිරි නීතිය පැනවීමත් සමගම කලහකාරීන් ඉවත්කරමින් පොලිසිය කොංග්රස් මණ්ඩල ගොඩනැගිල්ලට ඇතුළු වී තිබේ.
ට්රම්ප් ආධාරකරුවන් විසින් මෙසේ නොසන්සුන්ව හැසිරෙමින් ද කැපිටල් ලෙස හැඳින්වෙන කොංග්රස් ගොඩනැගිල්ලට ඇතුළු වූ අතර, ප්රදේශයේ ආරක්ෂක බල ඇණිවලට සහය දීම පිණිස අතිරේක හමුදා එවන මෙන් වොෂිංටන් අගනුවර නගරාධිපතිනි මියුරියල් බව්සර් අසල්වැසි වර්ජීනියා සහ මේරිලන්ඩ් ප්රාන්තවලින් ඉල්ලීමක් කර තිබුණි.
කොංග්රස් ගොඩනැගිල්ල තුළ තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව ජනපතිවරණයේ ප්රතිඵල සනාථ කිරීමේ රැස්වීම නැවත ආරම්භ කෙරුණු බව විදෙස් වාර්තා පවසයි. එහිදී අදහස් දැක්වූ රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභික බෙන් සේස්, ප්රචණ්ඩ ක්රියාවලට අනුබල දීම ගැන ජනාධිපති ට්රම්ප්ට සෘජුවම චෝදනා කළේය.