එක්සත් ජනපදය විසින් මේ මාසයේ නව කොවිඩ් -19 ආසාදිතයන් මිලියන තුනකට වඩා වාර්තා කර ඇති බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පෙන්නුම් කරයි.
නොවැම්බර් මාසය තවම අවසන්ව නොමැති නිසා මෙම අගය මීට වඩා බොහෝ සෙයින් ඉහළ යාමේ අවදානමක්ද පවතින අතර, මෙය අතිශය සැලකිය යුතු තත්ත්වයක් බව සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.
එක්සත් ජනපදයේ මසකට මෙතෙක් වාර්තා වූ ආසාදන මෙසේය.
නොවැම්බර් - 3,002,082 (22දා දහවල් වනවිට)
ඔක්තෝබර් - 1,910,668
සැප්තැම්බර් - 1,200,315
අගෝස්තු : 1,462,797
ජූලි - 1,921,461
ජුනි - 834,309
මැයි - 718,241
අප්‍රේල් - 884,026
මාර්තු - 192,152