මධ්‍යම ඇමෙරිකානු සංක්‍රමණිකයන් දහස් ගණනින් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ඇදෙන නිසා මෙක්සිකෝ දේශසීමාව වෙත අමතර ආරක්ෂක භටයන් 5,200ක් යොමු කිරීමට පෙන්ටගනය තීරණය කර තිබේ.
විශ්වාසී ජාතිමාමක මෙහෙයුම ලෙස නම් කර ඇති මෙම දේශසීමා ආරක්ෂණ මෙහෙයුමේදී ටෙක්සාස්, ඇරිසෝනා සහ කැලිෆෝනියා යන ප්‍රාන්ත ප්‍රධාන වන බව ජෙනරාල් ටෙරන්ස් ඔෂොග්නෙසී පවසයි.
මීට පෙර ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ මෙම සංක්‍රමණික ආක්‍රමණයට මුහුණදීම සඳහා ඇමෙරිකානු හමුදා සූදානමින් සිටින බවයි.
මේ වනවිටත් ජාතික ආරක්ෂක භටයන් 2,100ක් පමණ දේශසීමා ආරක්ෂාවේ යෙදී සිටින අතර, මීට පෙර පසුගිය අප්‍රේල් මාසයේදී ජනපති ට්‍රම්ප් විසින්ම කරන ලද ඉල්ලීමකට අනුව එම භටයන් අනුයුක්ත කිරීම සිදුවිය.
මේ වනවිටත් ඇමෙරිකානු දේශසීමාවට කිලෝමීටර් 1,000ක් පමණ ඔබ්බෙන් මෙක්සිකෝව හරහා ඔවුන් පැමිණෙමින් සිටින බව පවසන ඇමෙරිකානු ජෙනරාල්වරයා පවසන්නේ, සිය හමුදා ආයුද සන්නද්ධව රැඳී සිටින බවයි.
හෙලිකොප්ටර්, ගුවන්යානාද මෙම මෙහෙයුම සඳහා සම්බන්ධ කරගෙන ඇති අතර, මාර්ග බාධක මෙන්ම කටුකම්බි ආදී අගල් රැසක් දේශසීමාවල අමතරව යොදමින් දේශසීමා ආරක්ෂකයන්ට අවශ්‍ය අමතර බලය සපයන බවද ඇමෙරිකානු ජනරාල්වරයා වැඩිදුරටත් පවසා තිබේ.