හලාවත ඉරණවිල පිහිටි ඇමෙරිකන් හඬ සම්ප්‍රේෂණ කටයුතු සදහා යොදාගත් ගොඩනැගිලි සමුහය කොරෝනා ආසාදිතයින්ගේ නිරෝධායන කටයුතු වෙනුවෙන් යොදා ගැනිමට සුදානම් බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසිය.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය මේ බව පවසා සිටියේ මෙම අද ( 23 ) දින පැරණි ඉරණවිල ඇමෙරිකන් හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
මෙම නිරික්ෂණ චාරිකාවට පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා සමග හිටපු සංචාරක අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු හා සෞඛ්‍ය ප්‍රධානින් රැසක් එක්වි තිබුනී.
මෙහිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පවසා සිටියේ මෙම ස්ථානයේ කොරෝනා ආසාදිතයින් 200කට නිරෝධායන කටයුතු වෙනුවෙන් පහසුකම් සපයා දිමේ හැකියාව පවතින බවයි .
එසේම දැනට දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වි ඇති බවත් ඉදිරියෙදි යම් තත්ත්වයක් මතු උවහොත් ඒ සදහා කල් තබා සුදානම් විමේ අරමුණින් මෙම ස්ථානය සුදානම් කරන බවයි .