කොවිඩ්-19 වෛරස වසංගතය හේතුවෙන් තම බලාපොරොත්තු බිඳ වැටීම නිසා මත්ද්‍රව්‍ය හෝ මත්පැන් අනිසි ලෙස භාවිතයෙන් සහ සියදිවි නසාගැනීම් හේතුවෙන් ඇමෙරිකානුවන් තව 75,000ක් පමණ මිය යා හැකි බව ජාතික මහජන සෞඛ්‍ය කණ්ඩායමක් වන වෙල් බීං ට්‍රස්ට් විසින් කරන ලද විශ්ලේෂණයක් හෙළි කරයි.
වර්ධනය වන විරැකියා අර්බුදය, ආර්ථික පසුබෑම සහ හුදකලාව නිසා ඇතිවන ආතතිය සහ වසංගතයට නිශ්චිත අවසන් දිනයක් නොමැතිකම මෙන්ම, ප්‍රාදේශීය, ප්‍රාන්ත සහ ෆෙඩරල් බලධාරීන් ක්‍රියා නොකිරීම නිසා සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු සුන්වීම් සැලකිය යුතු ලෙස වැඩි කළ හැකි බව සමූමයේ නව වාර්තාවක සඳහන් වෙයි.
"උසස් තත්ත්වයේ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර හා ප්‍රජා ආධාර සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම වෙනුවෙන් අපට පුළුල් ලෙස ෆෙඩරල්, ප්‍රාන්ත සහ ප්‍රාදේශීය සම්පත් නොලැබුණොත්, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය හා සියදිවි නසාගැනීම් සම්බන්ධයෙන් තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි අප විශ්වාස කරනවා." යැයි එහි ප්‍රධාන උපාය මාර්ග නිලධාරී ආචාර්ය බෙන්ජමින් එෆ්. මිලර් පැවසීය.
කොවිඩ්-19 හි බලපෑම හේතුවෙන් විරැකියාව, හුදකලාව සහ අවිනිශ්චිතතාවට පසුගිය වසරවල දත්ත මත පදනම්ව, මෙම වර්ගයේ මරණ පිළිබඳ ෆෙඩරල් හා ප්‍රාන්ත මට්ටමේ පුරෝකථන පෙන්වන ප්‍රස්තාර ඉදිරිපත් කරමින් ඔවුන් මෙම අනාවරණය කර තිබේ.
එහිදී, වසංගතය හේතුවෙන් රැකියා අහිමිවන අයට රැකියා සොයා ගැනීමට උපකාර කිරීම සඳහා ප්‍රාදේශීය, ප්‍රාන්ත සහ ෆෙඩරල් බලධාරීන් සහ නියෝජිත ආයතනවලින් ශක්තිමත් ප්රවේශයක්ද ඔවුන් ඉල්ලා සිටියි.
2008 ආර්ථික අවපාතය තුළ විරැකියාවත් සමඟ සියදිවි නසාගැනීම් හා මත්ද්‍රව්‍ය අධික ලෙස පානය කිරීම නිසා මරණ ඉහළ ගොස් තිබුණි. විරැකියාව 2007 දී 4.6% සිට 2009 ඔක්තෝම්බර් මාසයේදී 10% දක්වා ඉහළ ගොස් ඇති අතර එය ක්‍රමානුකූලව පහත වැටී 2010 මුලදී 3.5% දක්වා ඉහළ ගොස් ඇති බව සමූහය පවසයි. නමුත් 2020 තත්ත්වය අතිශය නරක විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
ධවල මන්දිරයේ ආර්ථික උපදේශක කෙවින් හැසෙට් අඟහරුවාදා කියා සිටියේ අපේ‍්‍රල් මාසයේදී එක්සත් ජනපදයේ විරැකියා අනුපාතය 16%කට වඩා ඉහළ අගයක් ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.
"මහා ආර්ථික අවපාතයෙන් පසු ඇති විය හැකි දරුණුතම විරැකියා අනුපාතය දෙස අප බලා සිටිනවා" යැයි හැසෙට් අඟහරුවාදා පවසා සිටියේය.