ඇමෙරිකා එක්සත් ජනපදය කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව සමග වැරදි දිශාවකට ගමන් කරමින් සිටින අතර, එය සිදුවන්නේ විශ්මයජනක වේගයකින් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ගෙවීගිය දිනය තුළ වෛරසය ආසාදිත වූවන් 1,000ක් ඉක්මවා මිය යනවිට, රට කෝවිඩ්-19 ආසාදිතයන් මිලියන 4ක් කරා ළඟා වීමට ආසන්නය.
එය දෙස බැලීමේදී, පළමු වරට වාර්තා වූ ආසාදිතයා ජනවාරි 21 වැනි දින හමුවී, ඊට දින 99කට පසු ඇමෙරිකානුවන් මිලියනයක් ආසාදනය විය.
ආසාදිතයන් මිලියන 2 ක් කරා ළඟා වීමට දින 43ක් ගතවිය. එසේම දින 28කට පසු, ජූලි 8 වැනි දින එක්සත් ජනපදය ආසාදිතයන් මිලියන 3ක් කරා ළඟා විය. නමුත් දැන් ආසාදිතයන් මිලියන 4ක් කරා පැමිණ ඇත්තේ සති දෙකකට පසුවය.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව මේ වනවිට එරට සමස්ත ආසාදිත අගය මිලියන 4 සීමාවේ පවතින අතර, වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව 143,000ක සීමාවේය.